Search This Site

Wednesday, October 14, 2015

ඔබේ පරිගණකයේ ඇති Duplicate Files ඉවත් (Delete) කරන්නේ කොහමද?

හුගක් අයගේ පරිගණක වල තියනවා Duplicate Files. Duplicate Files නිසා ඔබේ පරිගණකයේ ඉඩ අපතේ යනවා විතරක් නෙවේ. එය ඔබගේ පරිගණකය මනදගාමී වෙන්නත් බලපානවා. එම නිසා ඔබේ  පරිගනකයේ ඇති Duplicate Files ඉවත් කරන එකෙන් යම්තාක් දුරකට ඔබගේ පරිගණකය වේගවත් කරගන්නත් පුළුවන්.

delete duplicate files


ඔබ හොදටම දන්නා දෙයක් තමයි Duplicate Files ඉවත් කරන එක Manually කරන්න ගොඩක් වෙලා යනවා වගේම ඒක හරිම කරදරකාරී වැඩක් කියලා. අන්න ඒ නිසයි අද අපි ඔබට දෙන්නේ හොද Software එකක්. මේකෙන් ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවන් ඔබේ පරිගණකයේ ඇති Duplicate Files ඉවත් කරන්න.
මේ Software එක තමයි dupeGuru.මේ Software එකේ Edition 3ක් තියනවා.
dupeGuru කියන Software එක ඔබට සම්පුර්නයෙන්ම නොමිලේ Download කර ගත හැකි අතර මෙය Windows 7, Windows 8, Mac OS X වලට වගේම Ubuntu වලටත් සහය දක්වනවා. dupeGuru Music Edition එක සහ dupeGuru Picture Edition කියන Edition දෙක පිළිවලින් Music Duplicate Files ඉවත් කිරීමටත් Images Duplicate Files ඉවත් කිරීමටත් යොදාගන්න පුළුවන්.
මෙය භාවිතා කරන්නේ කොහමද?
මෙම Software එක Download කර ගත පසු ඔබට පහසුවෙන්ම Install කරගන්න පුළුවන්. ඉන් පසු ඔබට එය භාවිතා කරන විදිය තේරෙනවා. ඔබට තියෙන්නේ ඔබට Scan කරන්න ඕන Folder එක Select කරලා දෙන්න විතරයි. Software එක Duplicate Files හොයලා දෙනවා. ඉන් පසු ඔබට අවශ්‍ය ඒවා එතනින් Delete කරන්න පුළුවන්.
ඔබට එය භාවිතා කරන ආකාරය තේරුනේ නැත්තම් පහත Video එක බලන්න.





0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment