Search This Site

MOTHERBOAD

Intel / Asus / Foxconn / Biostra Now Available.

Processor

Dual Core / Core 2 Duo / Core i3 / Core i5 / Core i7 Available .

Hard Drive

Samsung , Hitachi 500GB / 1TB / 2TB Available with 3Y Warranty.

Monitors

Samsung , LG , ViewSonic / 15" 17" 18" 23" 40" / CRT / LCD / LED Monitors are now available.

Graphic Cards

DDR2/3/4/5 with 512MB/ 1GBHigh Performens Graphic cards

RAM Cards

DDR/DDR2/3/4 with 512MB/1GB/2GB/4GB/8GB High Performens RAM Cards

WEB SITE DESIGNING AND DEVELOPING

You think it, We make it. We respects you

Saturday, November 14, 2015

බ්ලොක් කරපු සයිට් වලට යන්නේ මෙහෙමයි Hotspot Shield Elite



හොඳයි... ගොඩක් දවසකින් ඔයාලට වටිනවා කියලා හිතෙන දෙයක් දෙන්නත් බැරි උනා. මම සමහර වෙලාවට කරන්න වැඩක් නැති උනත් ගොඩක් බිසි...:පී. ඒකයි හේතුව. ඔයාලා හැම කෙනෙක්ටම ලිපිනයක් තියනවානෙ නේද? කෙනෙක්ගෙ ලිපිනය අපි දන්නවා නම් අපිට පුලුවන් එයාව මුන ගැහිලා කතා බහ කරලා දැන හඳුන ගන්න. ඉතින් මේක දන්න අයත් ඇති. නමුත් දන්න පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි කියලා මට හිතෙන නිසා මේක ඔයාලට දෙන්න හිතුනා. අපි ඉන්ටර්නෙට් බාවිතා කරනවා නම් අපිටත් මේ වගේ ඉන්ටර්නෙට් එකේ ලිපිනයක් ලැබෙනවා. මේකට කියන්නෙ IP Address (eg : 199.255.209.70) එක කියලා. ඔයාලටත් ඔයාලගේ මේ මොහොතේ IP Address එක මොකක්ද කියලා බලාගන්න ඕන නම් මෙම ලින්ක් වලින් යන්න.



ලංකාවෙ නම් මේ ලිපිනය එක එක වෙලාවට වෙනස් වෙනවා කියලා කියනවා. සමහරු කියනවා SLT කියන අන්තර්ජාල සම්බන්දතාව බාවිතා කරන සෑම කෙනෙක්ටම තියෙන්නෙ එකම IP ලිපිනය කියලා. මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ. හරි අපි බලමු මොකද්ද මේ IP ලිපිනයෙ තියෙන වැදගත් කම කියලා. ඔයාලා අන්තර්ජාලයෙ සැරිසරන කොට ඔයාලා එක එක වෙබ් අඩවි වලට ගමන් කරනවා. ඉතින් මේ වෙබ් අඩවිවලට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ ඒ කියන්නෙ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න. තව ඔයා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්. ඔයා කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් එයාගේ අන්තර්ජාල සම්බන්දය ලබා දීපු ආයතනයට මේක දිලා ඔයාලට පුලුවන් මේ IP ලිපිනය අයිති පුද්ගලයගෙ විස්තර ලබා ගන්න. දැන් සමහරුන්ට හිතෙයි අපි කාගේ හරි IP එක හොයා ගෙන මොබිටෙල් එකට හරි ඩයලොග් එකට හරි වෙන මොකක් හරි එකකට දුන්නම අපිට විස්තර දෙයි කියලා. එහෙම නෑ. ඒකට නීතිමය අවසරය අරගෙන තියෙන්න ඕන. තව දෙයක් කියන්න ඕන ඒ තමයි කිසියම් කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් සොෆ්ට්වෙයා බාවිතා කරලා ඒ IP ලිපිනය අයිති පුද්ගලයගෙ කම්පියුටර් එකට රිංගන්න පුලුවන් ක්‍රම පවා තියෙනවා. ඒවට කියන්නෙ IP Hacking කියලා. සමහර වෙබ් අඩවි තියනවා ඒවට ලංකාවෙන් ඉන්ටර්නෙට් එකට පිවිසෙන පුද්ගලයන්ට යන්න බෑ. බ්ලොක් කරලා තියෙන්නෙ. youtube එකේ තියෙන සමහර වීඩියො පවා ලංකාවේ අපිට බලන්න බෑ
හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගේ IP Address ඒක වෙනස් කරලා ඔනෑම සයිට් ඒකකට යන්නත් වීඩිෙයා් බලන්නත් පුළුවක් Software ඒකක්. ඉතින් මම පහලින් දීලා තියෙන සොෆ්ට්වෙයා එක ඔයාලා හරියට ඉන්ස්ට්‍රොල් කරගෙන ඒකෙන් නෙට් එකට ලොග් උනාම ඔයාලට ලැබෙන්නෙ ඔයාලගෙ ඇත්ත IP ලිපිනය Hide වෙලා ඇමරිකන් IP ලිපිනයක්. ඉතින් දැන් බොලාට පුලුවන් ඕන තුප්පහි වැඩක් කැත නැතුව නියම ඇමරිකන් බුවෙක් වගේ කරන්න. ඉතින් මම පහලින් ලින්ක් එක දාලා තියෙනවා. ඒ සයිට් එකට ගිහිල්ලා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන බා ගන්න. මේ සම්පූර්නයෙන්ම ෆ්‍රී දෙන සොෆ්ට්වෙයා එකක් ඒක නිසා වෙනම ඇක්ටිවේට් කරන්න ඕන නෑ. එයාලා මුදල් හොයන්නෙ වෙලඳ දැන්වීම් මාර්ගයෙන්. ඉතින් තව ටිකක් කියන්න ඕන. ඔය එක එක IP Hide කරන සොෆ්ට්වෙයා වගේ නෙමෙයි මේක. මේකෙන් ඉන්ටර්නෙට් ලොග් වෙද්දි නෙට් ස්ප්‍රීඩ් එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. වෙබ් පිටු වෙනදා වගේම ලෝඩ් වෙනවා. මම ගොඩක් IP Hide කරන සොෆ්ට්වෙයා භාවිතා කරලා තියෙනවා. ඒත් මට හම්බ උන හොඳම එක මේක. 
Download Hotspot Shield Elite 2.78 + Crack


නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය

01.) මුලින්ම HSS-2.78-install-e-395-conduit කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරලා Hotspot Shield Elite දවස් 7තේ ට්‍රයල් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න.

02.) ඊට පස්සෙ Crack_by_-HacKrisH- කියන ෆෝල්ඩර් එකේ තියෙන Hosts කියන ෆයිල් එක අරගෙන මෙන්න මේ පාත් එකේ තියෙන Computer >>> C:/ drive >>> Windows >>> system32>>> drivers >>> etc කියන ෆෝල්ඩර් එක ඇතුලට පේස්ට් කරන්න.

03.) දැන් ඉතින් ජීවිත කාලෙටම ඕක ගින්දර වගේ වැඩ.
                                                                                                                                  
වැදගත් : මේක ඉන්ස්ට්‍රොල් කරන කොට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක ඉන්ස්ට්‍රොල් වෙන අතර මගදි සමහර ෆයිල් වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන නිසා. අනිත් එක තමයි මේක ඉන්ස්ට්‍රොල් කරන්න පටන්ගන්න කොටම මොකක් හරි දෝශ පනිවිඩයක් ආවොත් retry button මත ක්ලික් කරලා ඉස්සරහට යන්න.
                                                                                                                                  
ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්න. කරන හැටි ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. ඕනම දෙකට උත්තර දෙන්න අපි ලෑස්තියි. තව කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. ඒ් වගේම මේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය දක්වන්න.