Search This Site

MOTHERBOAD

Intel / Asus / Foxconn / Biostra Now Available.

Processor

Dual Core / Core 2 Duo / Core i3 / Core i5 / Core i7 Available .

Hard Drive

Samsung , Hitachi 500GB / 1TB / 2TB Available with 3Y Warranty.

Monitors

Samsung , LG , ViewSonic / 15" 17" 18" 23" 40" / CRT / LCD / LED Monitors are now available.

Graphic Cards

DDR2/3/4/5 with 512MB/ 1GBHigh Performens Graphic cards

RAM Cards

DDR/DDR2/3/4 with 512MB/1GB/2GB/4GB/8GB High Performens RAM Cards

WEB SITE DESIGNING AND DEVELOPING

You think it, We make it. We respects you

Wednesday, August 3, 2016

කොහොමද Genuine Xiaomi Mi Power Bank එකක් හරියටම හොයාගන්නේ...

Differentiating between Genuine and Fake

Depending on the company manufacturing the fakes, there can be some cases where it works similarly to the genuine one, but it will surely fail most of the following tests.

Official Variants

Xiaomi sells its Mi Power Banks in only 6 capacities i.e.
  1. Mi 5,000 mAh Power Bank (Launched in 2015)
  2. Mi 5,200 mAh Power Bank (Probably discontinued)
  3. Mi 10,000 mAh Power Bank (Launched in 2015)
  4. Mi 10,400 mAh Power bank
  5. Mi 16,000 mAh Power Bank (Launched in 2015)
  6. Mi 20,000 mAh Power bank (Launched in November, 2015)
Out of these, the 5,200 mAh and 10,400 mAh variants are probably discontinued and you’ll barely find them in stores. If you come across a Mi branded power bank which is not in one of the above capacities, it’s a sure fake.

20-digit Code on Packaging – Fakes have it too!

This is the first and easiest step to check if the power bank is genuine. There would only be a very rare case where a fake Power Bank passes this test.
Genuine – Genuine Mi power banks sold in China come with a sticker on the packaging which can be scratched off to reveal a 20-digit code. Entering the code on the Xiaomi website (link below) would confirm the genuine product. However, the power banks sold outside of China via official channels will not carry this sticker. You should definitely look for this sticker unless buying from an officially certified store.
Mi power bank sticker unique code
Fake – Fake Power Bank will usually not include any such sticker on the packaging, confirming that it is fake. Even if it carries one, the ‘times queried‘ on the Xiaomi website will show a very high number because the fake guys want to save costs by printing the code on multiple stickers.
mi verify security code
Website to check the code – mi.com/verify/ (in English)

Length and Branding on USB Cable

Genuine – The MicroUSB cable included with genuine Mi Power Banks does NOT carry any Mi branding. If you see one with Mi printed on it, it is a fake.
For 20000mAh Power Bank – The length of USB cable is longer at around 13-inches with a lightning icon printed on the MicroUSB end.
Fake – Fake power banks usually ship with a USB Cable which has Mi printed on it. Many of us would take this as a sign of genuine product and apparently that’s what these fake sellers want to achieve by printing Mi on the USB cable.

Pass-Through Charging

Genuine: The original Mi power bank supports pass-through charging. What it means that the power bank will also charge a mobile phone connected to it while it itself is being charged. Only necessity is that the input charger must supply enough power and as such, charging via a PC’s USB Port will not help.
Fake: The fake power bank does not have this capability and it will just charge itself and won’t pass on any current to the mobile phone connected to it. It will only charge the mobile when you disconnect the charger from the power bank.

Color of USB Ports on the Power Bank

Genuine – The front visible part of both the Micro USB and standard USB port have a rice white color.
usb color mi power bank
Fake – Most of the fake power banks have a milk white color on the Standard USB port and a Black color on the Micro USB port.

Printing at the Bottom

Genuine – Has a printing in grey-ish ink which is lighter and clear. It is also well textured which can be felt by moving the fingers over it.
bower bank printing branding
Fake – Usually darker and blurry in black ink and sometimes unclear printing.

LED Lights Function when Using

Genuine – Lights blink while showing the power status on the device. At any time, holding the power button will turn off all the LED lights and they light up when the button is released.
Lights are well packed and not even a bit of it leaks out from other areas of the power bank.

Fake – LEDs blink after you press the button once. If you keep it pressed, lights won’t turn off. Lights are also not well packed and often leaks out of the usb ports.

Branding on the Standard USB Port

Update: The branding seems to be missing from the newer 16000mAh power banks, even though they are genuine. It is visible on the newest 20000mAh power banks.
Genuine – Genuine power bank carries a small MI branding on the chassis of the standard USB port on the power bank. It is pretty small, but is easily visible while looking under natural lighting or by directing a light source (such as torch) into it.mi logo usb port
Fake – Fakes do not carry any such branding.
Thanks JR for this tip

Inbuilt Batteries

If you are still not able to determine the originality, open up the power bank and check the inbuilt batteries:
Genuine – Branded batteries from international brands such as Panasonic, Samsung and LG.
Fake – Locally produced or counterfeit batteries which are generally of pink color.

NO 20800 mAh Power Bank

There are lot of comments about the 20,800mAh variant. There are some sellers selling a Mi branded Power Bank with the capacity of 20800mAh, but Xiaomi does not offer power bank with such capacity. So if you see a retailer from China or on eBay selling a Mi power bank of such capacity, you know it is a fake one.
Does your Mi power bank pass the tests above or it fails most of them? Let us know below.

Saturday, April 2, 2016

ඉන්ධන ‍පොම්පවලින් හොරාට තෙල් ගහන හැටි

ලංකාවේ ඇති ඉන්ධනහල්වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි. ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ. ‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද? ‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”

ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.

“පෙට්ට්‍රෝලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්. මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”

ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි? ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.

“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ. මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”

අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය. නමුත් මහා ජාවාරම සිදුවන්නේ ඉන්ධනහල් අයිතිකරුගේ හා තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු හා ප්‍රාදේශීය පරීක්ෂකගේ එකතුවෙනි.

“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ. මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි,  තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ. තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”

සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහල් හිමියාට කොතරම් ලාභයක් ලබාදෙනවාදැයි තීරණය කරන්නේ සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හා පරීක්ෂකවරයාය. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.

“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.” අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි. එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.
“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”

එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්. වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 ජනවාරි වන විට හොඳ ‍පොම්පයක් සවි කරන්න එහෙම නැත්නම් සංස්ථා ‍පොම්ප සීල් කරන්නේ නෑ කියලා. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීමට ඛනිජ තෙල් සංස්ථාව කෙබඳු ප්‍රතිචාරයක් දැක්වූවාදැයි අප සොයා බැලීමු. තෙල් සංස්ථාව අමාත්‍යාංශයත් සමග එකතුවෙලා මේකට විසඳුමක් දෙන්න උත්සාහ කළා. 2012 වන විට මේ බාල ‍පොම්ප මොනවද කියල බලන්න කමිටුවක් පත්කළා. (D.M.P.C.)මේ කමිටුවෙන් ‍පොම්ප තෝරලා ‍පොම්ප 500ක් ගේන්න සූදානම් කළා. නමුත් 2015 ජනවාරි09 පස්සේ කිසියම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා “මගේ ‍පොම්ප ටික ගන්න” කියලා. එතැනින් ඒ වැඩේ හමාර වුණා. තෙල් සංස්ථාවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා හොඳ ‍පොම්පයක් ලබා දෙන්න. බරපතළ අවුලකයි සංස්ථාව ඉන්නේ. 2014 හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා තෙල් සංස්ථාවේ කමිටුවක්ද පත්කරලා ඉන්ධන ‍පොම්ප 495 අහඹු ලෙස පරීක්ෂා කරලා තියෙනවා. ඔහු ඊට පසුව අමාත්‍යංශ ‍ලේකම්ට වාර්තාවක් දෙනවා ‍පොම්පවලින් 40ක ඉන්ධන නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් කියලා. ඉහළ නිලධාරීන් සියල්ල දන්නවා සංස්ථාව තියෙන්නේ අර්බුදයක කියලා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින්  විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට  බරපතළ පාඩුවක් සිදුකරන්නේය. එසේම 1995 අංක 35 දරන මිනුම් එකක ප්‍රමිති හා සේවා පනතේ 22 වගන්තිය ප්‍රකාරව ‍පොම්ප පරීක්ෂා කර බලා මුදා තැබිමේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නේ කිරුම් මිනුම් නිලධාරීන්ටය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එවැනි බලයක් හිමි නොවේ.

නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.
යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

සටහන - චන්දන කාරියවසම්

Wednesday, January 6, 2016

Dr Lion Virus Blocker 2016 - ශ්‍රී ලංකාවේ නිපද වූ වයිරස් ගාර්ඩ් එක

අද අපි දෙන්න යන්නේ ලංකාවේ කොල්ලෙක් හදපු අළුත්ම වයිරස්ගාර් මෘදුකාංගයක්.

Tuesday, November 24, 2015

Write Protect වැටුන PenDrives Format කරමුද?



බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලගේ Pen Drive, Memory Chip වලට Write Protect වැටිල ඒවා පාවිච්චි කරන්න බැරි වෙන එක. මන් අද ගෙනාවේ එහෙම Write Protect වෙච්ච Pen Drive, Memory Chip සාර්ථකව Format කරන ආකාරයයි.
  • මුලින්ම Run එක open කරගන්න. (WinKey + R)
  • regedit type කරලා enter කරන්න.



  • එන window එකේ මේ පාත් එකට යන්න.


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
  • දැන් WriteProtect කියන එක උඩ double click කරලා open කරගන්න. එකේ තියෙන Value එක 0 කරල OK කරලා PC එක restart කරන්න. දැන් බලන්න. ෆෝමැට් කරගන්න පුළුවන් ඇති.

StorageDevicePolicies කියන Menu එක නැත්තන් මේ ටික කරන්න.
  • මේ පාත් එකට යන්න.


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
  • දැන් Control right click කරලා new key වලින් DWOD තෝරන්න.
  • ඔයාගේ OS එක 32 bit හෝ 64 bit කියල තෝරාගන්න.
  • මෙහි name එක විදිහට WriteProtect කියල ගහන්න.
  • කලින් වගේම value එක 0 දීල OK කරලා PC එක restart කරන්න. වැඩේ simple.
කරන විදිහ පැහැදිලි නැත්තන් මේ video එක බලන්නකෝ


ඕනෑම අවස්ථාවක අපගේ සහය ලබා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට Contact US වෙත පිවිසෙන්න.


මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..