Search This Site

Monday, November 2, 2015

Far Cry 5 PRIMAL

Far Cry කියපු ගමන් අපේ කාලේ gaming කොල්ලෝ ඔක්කොම හොදටම දන්නවා වැඩේ මොකක්ද කියල.දැනට ලෝකේ හොඳම Graphic තියෙන games අතර මුල් තැනට ආපු Series එක තමයි Farcry..ගිය අවුරුද්දේ අපි ගහපු Farcry 4 එක ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ..farcry 1 එකේ ඉඳන් තාමත් කට්ටිය play කරන්න ආසයි.ඉතින් Ubisoft Montreal වෙතින් අලුතෙන්ම ඔබට පිළිගන්න හදන මීළඟ Farcry episode එක තමයි Far Cry Primal කියන්නේ.epi 4 එකෙන් පස්සේ ගොඩක් විචාර ඉඳිරිපත් වුණා..farcry  epi 5 එක වැම්පයර්, Zombies හෝ ඩයිනොසර් මූලික කරගෙන එයි කියල තමයි හැමෝම හිතුවේ..කොහොමහරි ලඟදි නිළ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුණා..ඉතින් දැන් අපිට සෙල්ලං කරන්න වෙන්නේ මැමත්ලා එක්ක..ඒ කියන්නේ අපේ කතාව Stone Age(ගල් යුගය) එකටම යනවා.මේ පිළිබඳ විචාරකයන් හා වීඩියෝ ක්‍රීඩා ලෝලීන් පවසන්නේ පෙර සියලු තේමාවන් අභිබවා මෙම Far Cry Primal කතාංගය ආකර්ෂණය වන බවයි.


මේ තියෙන්නේ Official Trailer 


Takkar කියන කතාව තමයි මෙහි තේමාව වෙලා තියෙන්නේ..  10,000 BC ෆිල්ම් එක හැමෝම බැලුවා නේද?? ඒ location සෙට් එකේම තමයි අපේ game එකේ පසුබිමට අරන් තියෙන්නේ..Takkar කියන දඩයක්කරුවා මූලික කරගෙන කතාව ගෙතිලා තියෙනවා.ගින්දර හොයාගෙන ගල් වර්ග තමන්ගේ ආයුධ කරගෙන ජිවත් වෙන takkar තමයි අපි..

මේ තියෙන්නේ Far Cry Primal Trailer


Action-adventure කියන Category එකෙන් එන මේ episode එක තුවක්කු, බෝම්බ වෙනුවට ගල් ආයුධ,පොරව,කෙටේරිය සහ දුන්න වැනි ආයුධ වලින් තමයි අපි සටන් කරන්නේ. Playstation වලින් play කරන යාළුවන්ට 2016 පෙබරවාරි 23 ඉඳලා මේ game එක ගන්න පුළුවන්.එතකොට අපේ windows වලින් ගහන සහෝදරයෝ හැමෝටම මාර්තු මාසේ ඉඳන් පටන් ගන්න පුළුවන්.


0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment